ණය ප්‍රතිව්‍යුහගතකරණයට වෙළෙඳපොළෙන් ධනාත්මක ප්‍රතිචාර -මහබැංකු අධිපති

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට වෙළෙඳපොළෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

”ශ්‍රී ලංකාව ආයෝජන සඳහා සූදානම්ද” යන මැයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ (08) පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු එම අදහස් පළ කළේය.

“පසුගිය සතියේ අපි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉතාම සාර්ථකව ක්‍රියාත්මක කළා. ඒ අනුව අපිට වෙළෙඳපොළ තුළින් ඉතාම යහපත් ප්‍රතිචාර තමයි මේ වෙනකොට ලැබිලා තියෙන්නේ. කොටස් වෙළඳපොළ මිල ගණන් ඉහළ ගියා වගේම, ණය වෙළෙඳපොළ තුළ පොලී අනුපාත පහළ යන අයුරු දක්නට ලැබුණා. එමඟින් මම හිතන්නේ විදේශ ණයහිමිකරුවන්ටද පැහැදිලි පණිවුඩයක් ලබාදෙනවා. ඒ ඔස්සේ ඔවුන්ට හැකියාව ලැබේවි අපට සහනයක් ලබාදීම සඳයා අව්‍යශ පැහැදිලි කිරීම සිදුකරන්න. ජනාධිපතිවරයා පවා සඳහන් කළ ආකාරයට මෙහි මූලික අරමුණක් බවට පත්වුණේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම. ඒ අනුව අපේ පළමු ඉලක්කය වූ IMF‍ ණය ගිවිසුමට අදාළ එකඟතාවයන් අවසන් කරලා තියෙනවා. දැන් අපට අවසන් කිරීමට තිබෙන්නේ දේශීය සහ විදේශීය ණයහිමියන් සමග සංශෝධන සිදුකිරීම ගැන සාකච්ඡා කරලා ගිවිසුමකට එළඹීම.”

Leave a Reply

Your email address will not be published.