කොකේන් සහ මත්පෙති සමඟ සැකකරුවකු අත්අඩංගුවට

කොකේන් මත්ද්‍රව්‍ය සහ මත්පෙති තොගයක් සමඟ පුද්ගලයෙකු රද්දොළුව නිවාස සංකීර්ණයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සතු ව තිබූ කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 26කට අසන්න ප්‍රමාණයක් සහ මත්පෙති 2250ක් සොයාගත් බව පොලිසිය වාර්තා කරයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලිම සිදුකර ඇති අතර, සැකකරුට අයත් වෙළෙඳසල පිටුපස සඟවා තිබීය දී මත්පෙති තොගය සොයාගෙන ඇත.

37 හැවිරිදි සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව ලබන 15 වන දා දක්වා රැඳවුම් නියෝග ලබා ඇති අතර, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published.