පැමිණිල්ල කරන්න ගිය පුංචි මන්ත්‍රීට ගහලා

පැමිණිල්ලක් කිරීමට  ගම්පහ  පොලීසියට ගිය තමාට පොලිසිය පහරදුන් බව  කියමින් ගම්පහ මහ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන සමිත දිසානායක මහතා ප්‍රතිකාර සඳහා රෝහල් ගතව සිටීයි.

පවුලේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීම පිනිස තමා පොලිස්ථානයට ගිය බවත් පැමිණිල්ල ලියා ගැනීමට වැඩි වේලාවක් ගතවීම මත ඒ පිළිබඳව දෙවරක් විමසා පසුව තමන් පොලිස්ථානයේ ඉහළ නිලධාරියකු හට දුරකථනයෙන් දැනුම් දීමෙන් පසුව පැමිණිල්ල සටහන් කර ගැනීමට කතා කළ බවත් පැවසීය.

එම අවස්ථාවේ කතාබහක් ඇතිවී පොලිස් නිලධාරීන් කිහිප දෙනකු තමාට පහරදුන් ඔවු පවසයි. පහරදීම හේතුවෙන් ඇතිවූ අසනීප තත්වයක් නිසා ප්‍රතිකාර පිනිස  ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත්වූ බවත් දිසානායක මහතා කීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමේදී ප්‍රකාශ කර සිටියේ , මේ පිළිබඳව සහකාර පොලිස් අධිකාරීවරයකු යටතේ විමර්ශනයක් සිදු කිරීමට පියවර ගෙන ඇති බවය.

Leave a Reply

Your email address will not be published.