මොණරාගල, බඩල්කුඹුර මාර්ගයේ 11 කණුව අසල ඇති තාවකාලිකව ඉදිකරන ලද පලතුරු වෙළෙඳසලක් අසලදී පොලිසිය විසින් පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබේ.
මියගිය පුද්ගලයාගේ ගෙලෙහි කැපුම් තුවාලද තිබී ඇති අතර, ඊයේ (14) දහවල් බඩල්කුඹුර පොලිසියට ලද තොරතුරක් මත මෙම මළසිරුර සොයාගෙන ඇත.
මියගොස් ඇත්තේ, පුස්සැල්ලෑව, බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා එම පලතුරු වෙළෙඳසලේ හිමිකරු බවට විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.
මෙම ඝාතනය පසුගිය 12 වනදා සහ ඊයේ (04) දිනය අතර කාලයේ සිදුව ඇති බවට පොලිසිය සැක පළ කරයි.
සැකකරුවෙකු හෝ ඝාතනයට හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති බවත් බඩල්කුඹුර පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වන බවත් සඳහන්ය.