ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක්

සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක් ලබාදීමට එකඟතාවය පළ කර තිබේ.

අදාළ මුදල ලබාගැනීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය සමග අදාළ ගිවිසුමට එළඹීමට ජනාධිපතිවරයා විසින් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

අස්වැසුම සුබ සාධන ගෙවීමට සහාය වීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 185ක් ද, තෝරාගත් ප්‍රතිලාභීන් ආර්ථික වශයෙන් සවිමත් කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සහාය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 7ක් ද, සමස්ත ව්‍යාපෘතිය කළමනාකරණය සහ සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 6ක් ද වශයෙන් සංරචක තුනක් යටතේ එම මුදල ලබාදීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.