ඉන්දියන් බිත්තරේ අද සිට සතොසින්

ආනයනික ඉන්දීය බිත්තර කොළඹ, ගම්පහ  සහ කළුතර දිස්ත්‍රික්කවල සතොස වෙළෙඳසැල්වලින් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අද සිට අවස්ථාව සැලසෙයි.

එහි සාර්ථකත්වය මත දිවයිනපුරා සතොස වෙළෙඳසැල් හරහා ඉදිරියේදී ආනයනික බිත්තර අලෙවි කෙරෙන බව සතොස ආයතනයේ සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මේ අතර, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ,බිත්තර සඳහා පනවා ඇති බදු ඉවත් කළහොත්, තමන්ද රුපියල් 40ට අඩු මුදලකට බිත්තර අලෙවි කිරීමට සූදානම් බවය.

Leave a Reply

Your email address will not be published.