කුඩු සළිඳුගේ අනුදැනුම මත සිදුවූ අපරාධයක් ගැන තවත් තොරතුරු

සළිඳු මල්ෂික නොහොත් ‘කුඩු සළිඳු’ නමැත්තාගේ අනුදැනුම මත අපරාධයක් සඳහා ගිය පිරිසක් භාවිත කළ තවත් මෝටර් රථයක් සොයාගෙන තිබේ.

ඒ, සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසිනි.

ඒ අනුව අදාළ මෝටර් රථය විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබේ.

වැලිපැන්න ප්‍රදේශයේ පොලිස් පරීක්ෂකවරයෙකුගේ නිවසක් කොල්ලකෑම සඳහා මෙම රථය භාවිත කර ඇති බව හෙළිවී ඇත. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කුඩු සළිඳුගෙන් විමර්ශ නිලධාරීන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරමින් සිටී.

ඒ පසුගිය කාලයේ සිදුවූ විවිධ අපරාධ සම්බන්ධයෙනි.

Leave a Reply

Your email address will not be published.