කඳානේ වෙඩිතැබීමක්

අද (04) උදෑසන 6.10ට පමණ කඳාන පියෝ මාවත ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර T56 ගිනිඅවියකින් වෙඩිතැබීමක් සිදුකර තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබුණි.

අදාළ නිවස ව්‍යාපාරිකයෙකුට අයත් වන අතර සැකකරුවන් ඔහුගෙන් කප්පම් මුදල් ඉල්ලා ඇතිවූ සිද්ධියක් මත මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවද වාර්තා වෙයි.

ඩුබායි හි සැඟව සිටින හීනටියන මහේෂ්, කඳානේ චූටිමල්ලි සහ ගම්පහ වරුණ නමැති පාතාල ක්‍රියාකාරීන්ගේ මෙහෙයවීම මත මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට ද තවදුරටත් තොරතුරු වාර්තා වෙයි.

වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදියේ අයිතිකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ. 

අදාළ නිවසේ කාන්තාවක් සඳහන් කළේ, “උදේ නැඟිට්ටා විතරයි.. වෙඩි තියාගෙන තියාගෙන ගියා. වෙඩි තියපු කෙනාවත් දන්නවා.. ආපු කෙනාවත් දන්නවා.”

Leave a Reply

Your email address will not be published.