එල්ටීටීඊ සංවිධානය විසින් නිරායුධ මුස්ලිම් වැසියන් කුරිරු ලෙස කපා කොටා  221ක් මරා දමා වසර 33යි  

එල්ටීටීඊ සංවිධානය මගින් අම්පාර හා මඩකලපුව යන දිස්ත්‍රික්කවල අහිංසක නිරායුධ මුස්ලිම් වැසියන් දෙසිය විසි එක් දෙනෙක්කු කපාකොටා සමූහ ඝාතනයක් සිදුකර 2023 අගෝස්තු එකොළොස් වෙනිදාට වසර 33 ක් පිරීම නිමිත්තෙන් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල නගර කීපයකම වෙළඳසැල් වසා කළුකොඩි ඔසවා නගරවාසින් විරෝධතාවයක් ඊයේ(11) ආරම්භ කර ඇත.

අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරේපත්තු, අඩ්ඩාලච්චේන, නින්දවූර්, සමන්තුරේ, සයින්දමරුදු, හා කල්මුණ යන මුස්ලිම් නගරවල වෙළඳසැල් හිමියන් ඔවුන්ගේ වෙළඳසැල් සම්පූණර්යෙන් වසා වෙළඳසැල් ඉදිරිපිට සහ බස් නැවතුම් පොළවල්වල කළුකොඩි ඔසවා සමූහ ඝාතනයට එරෙහිව විරෝධතාවය පලකොට තිබේ,

මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන, එරාවුර්, ඔට්ටමාවඩි. කාත්තන්කුඩි. යන නගරවලද වෙළෙදසැල් වසා කළුකොඩි ඔසවා තිබේ.

ඝාතනයක් කිරීම සිහිපත් කිරීමත්, එල්ටීටීඊ සංවිධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට මෙන්ම කැනඩාව ඇතුළු අනෙකුත් මානව හිමිකම් සංවිධානවලට ශ්‍රි ලංකාවේ ආරක්ෂක අංශ විවිධ අඩත්තේට්ටම් සිදුකර බවට සාවද්‍ය ප්‍රකාශ නිකුත් කර ඔවුන් සිදුකළ සාහසික ඝාතන වසන් කිරිමට ගන්නා උත්සාහ කිරීමටත් එරෙහිව මෙම විරෝධය පළ කරන බව විරෝධතාකරුවෝ පවසා ඇත.

Leave a Reply

Your email address will not be published.