රුසියානු – යුක්‍රේන යුද්ධයෙන් ළමුන් 500ක් මරුට

රුසියාව සමග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු මේ දක්වා ළමුන් 500 දෙනෙකු පමණ මියගොස් ඇති බව යුක්‍රේනය පවසයි.

තවත් ළමුන් 1,000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවට දත්ත මඟින් අනාවරණය වී ඇති බව යුක්‍රේන රජය සඳහන් කර ඇත.

පසුගිය වසරේ ජුලි මාසයේ සිට මේ දක්වා රුසියානු ප්‍රහාර හමුවේ සිදුවු ජීවත හානි සම්බන්ධයෙන් යුක්‍රේන රජය දත්ත එක්රැස් කිරීමක් සිදුකර තිබේ.

ඒ අනුව යුද්ධය පැවැති මෙම කාලසීමාව තුළ සිවිල් වැසියන් 9,396 ක් මියගොස් 16,646ක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.