කටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂාව ගැන විශේෂ දැනුම්දීමක්

විදෙස්ගතවන ගුවන් මගීන්ගේ පහසුව සඳහා ආරක්ෂක ක්‍රමවේදයන් ලිහිල් කිරීමට පියවර ගත් බව ගුවන් තොටුපොළ හා ගුවන්සේවා සමාගම පවසයි.

එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ පිවිසුම් දොර අසළ තිබූ ස්කෑන් පරීක්ෂණ යන්ත්‍රය ඉවත් කිරීමට තීරණය කර ඇති බවය.

කෙසේ වෙතත් තවදුරටත් සෑම ගුවන් මගියෙකුම ගුවන් යානයට ගොඩවීමට පෙර ස්ථාන දෙකකදී විශේෂ ස්කෑන් යන්ත්‍ර පරීක්ෂාවකට ලක්වන බවද එම සමාගම පවසයි.

මෙලෙස ඉවත්කිරීමට පියවර ගෙන ඇති ස්කෑන් පරීක්ෂණ යන්ත්‍රය එවකට පැවති ත්‍රස්ත තර්ජන හේතුවෙන් ස්ථාපිත කර තිබූ බවද ගුවන් තොටුපොළ හා ගුවන්සේවා සමාගම එම නිවේදනයෙන් පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published.