මිනිස් ජාවාරම් මැඩලීමට පියවර – ආරක්‍ෂක ලේකම්

මිනිස් ජාවාරමේ භූ දර්ශනය විකාශනය වෙමින් පවතින අතර,අවධානමට ලක්වූවන් ගොදුරු කර ගන්නා සහ ඔවුන්ගේ දුක්ඛිත තත්ත්වය සූරාකන අනුකම්පා විරහිත ව්‍යාපාරයක් බවට පරිවර්තනය වෙමින් පවතී. මෙම අඳුරු යථාර්ථය පුද්ගල ජීවිතවලට පමණක් නොව ජාතික ආරක්‍ෂාවට ද තර්ජනයක් වන සංකීර්ණ අභියෝගයක් බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි.

කොළඹ Radisson Hotel හි අද (14)පැවැති මිනිස් ජාවාරම් පිළිබඳ ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවේ සමාරම්භක සැසිවාරයේදී ප්‍රධාන දේශනය පවත්වමින් ආරක්‍ෂක ලේකම්වරයා මේ බව සදහන් කළේය.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයවිසින් අරමුදල් සපයන “මිනිස් ජාවාරමට එරෙහිව සටන් කිරීමට සිවිල් සමාජ සංවිධාන සවිබල ගැන්වීම” ව්‍යාපෘතිය යටතේ SAFE පදනම සමඟ සහයෝගයෙන් තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය විසින් මෙම තෙදින වැඩමුළුව සංවිධාන කරන ලදි.

Leave a Reply

Your email address will not be published.