සිව්දින නිල සංචාරයක් සඳහා අගමැති චීනයට

සිව්දින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනය බලා පිටත්ව ගොස් තිබේ.

ඊයේ (14) පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

හෙට (16) දිනයේ සිට ලබන 20 වන දින දක්වා චීනයේ කුන්මින්හි දී පැවැත්වෙන චීන දකුණු ආසියානු ආනයන හා අපනයන ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගී වීමට නියමිතව තිබේ.

මෙම වෙළෙඳ ප්‍රදර්ශනය සඳහා රටවල් 60ක් සහභාගී වන අතර පොදු සංවර්ධනය සඳහා සහයෝගිතාව සහ සම්බන්ධීකරණය මෙම ප්‍රදර්ශනයේ තේමාව බව වාර්තා වේ.

මේ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සීමානිර්ණ කොමිෂන් සභාවේ සාමාජිකයින් සමඟ විශේෂ සාකච්ඡාවක් ඊයේ ආග්‍රාමාත්‍ය කාර්යාලයේදී පවත්වා තිබේ.

පළාත් සභා සීමානිර්ණය පිළිබඳ අදහස් සහ මතය විමසීම සඳහා එම සාකච්ඡාව කැඳවා තිබූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.