නාරාහේන්පිටදී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 2ක් හසුවෙයි

නාරාහේන්පිට ප්‍රදේශයේ ලැඟුම්හලකදී කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග පිලිපීන ජාතිකයෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත රේගු මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය සමග එක්වී සිදුකළ වැටලීමකදී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 294ක් සමග පිලීපන ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.

පසුව සිදුකළ ප්‍රශ්න කිරිම්වලදී මත්ද්‍රව්‍ය ලබාගැනීමට ලැඟුම්හල වෙත මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු ද රුපියල් ලක්ෂ 07ක මුදලක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු විදේශගතවී සිටින ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ උපදෙස් මත මෙම මත්ද්‍රව්‍ය රැගෙන යාම සඳහා පැමිණ ඇති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණයවී ඇති බව පොලීසිය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.