පිරමීඩවලට දණ්ඩ නීති සංග්‍රහයෙන් දඬුවම්

පිරමීඩ ජාවාරම් ක්‍රමය ක්‍රියාත්මක කරන්නන්ට හෝ ඒවාට සම්බන්ධ අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර තිබේ.

දණ්ඩ නීති සංග්‍රහය යටතේ එසේ නීතිමය පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

පිරමීඩ ක්‍රමය යනු, ව්‍යාපාරික ක්‍රමයක් නොවන බවත් එය අපරාධමය ක්‍රියාවක් බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

1988 අංක 30 දරන බැංකු පනත ප්‍රකාරව මහ බැංකුව විසින් මෙම පිරමීඩ ජාවාරම තහනම් කර තිබේ.

එබැවින් මෙම පිරමීඩ ක්‍රමය සඳහා බලපාන්නේ අපරාධ නීතිය බව අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published.