මහ බැංකුවෙන් ජනතාවට හදිසි දැනුම්දීමක්

මාර්ගගත ක්‍රම මඟින් සිදුකරනු ලබන වංචාවන්ගෙන් ප්‍රවේශම් වෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම්දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ, වෙහෙස වී උපයා ගත් ධනය තමන්ට අහිමිව යෑමට ඉඩ ඇති බැවින් මෙවැනි වංචාවන් පිළිබඳව විමසිලිමත් වන ලෙසය.

යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නම් එම ගැටලු cbslgen@cbsl.lk යන ඊමේල් ලිපිනයට යොමුකළ හැකි බව ද මහ බැංකුව දැනුම්දෙයි.

Leave a Reply

Your email address will not be published.