අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 3යි ග්‍රෑම් 394ක් සමඟ පුද්ගලයෙකු උයිලන්කුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ මන්නාරම කඳවුරේ උතුරු පළාත් විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.