ළමා නිවාසයක සිටි අවුරුදු 16ක දැරියක් අතුරුදන් වේ

මා නිවාසවල දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් පැවති ක්‍රීඩා උත්සවයකට සහභාගි වීම සඳහා ගොස් සිටි වයස අවුරුදු 16ක දැරියක් අතුරුදන් වී ඇති බව කටුපොත – එරෝමා ළමා නිවාසයේ පාලිකාව විසින් කුලියාපිටිය පොලීසියට පැමිණිලි කර තිබේ.

අතුරුදන් වී ඇත්තේ, හලාවත – කටුපොත එරෝමා ළමා නිවාසයේ රඳවා සිටි දැරියකි.

ඇය මහව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත මෙම ළමා නිවාසයේ රඳවා තිබුණු බව වාර්තා වේ.

වයඹ පළාතේ පවත්වාගෙන යන ළමා නිවාසවල දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (02) කුලියාපිටිය ශිල්ප ශාලිකා ක්‍රීඩාංගනයේ දී ක්‍රීඩා උත්සවයක් පවත්වා ඇත.

එම ක්‍රීඩා උත්සවයට සහභාගි වීම සඳහා කටුපත – එරෝමා ළමා නිවාසයේ දරු දැරියන් ද ගොස් ඇති බව සඳහන්ය.

ක්‍රීඩා උත්සවය අවසන් වී බලන විට මෙම දැරිය අතුරුදන් වී ඇති බව දැනගෙන ඒ බව පොලීසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව දැරිය සොයා ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව කුලියාපිටිය පොලීසිය සඳහන් කර

Leave a Reply

Your email address will not be published.