විදේශ ශ්‍රමික ප්‍රේෂණවල වර්ධනයක්

අගෝස්තු මාසයේ විදේශ ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 499.2ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළ මෙරටට ලැබී ඇති සමස්ත විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 3,862.7ක් වන බව මහ බැංකුව සඳහන් කළේය. 

එය 2022 වර්ෂයේ එම කාලයට සාපේක්ෂ ව සියයට 74.4ක වර්ධනයක් බව ද සඳහන්ය.

මේ අතර, සැප්තැම්බර් මස මුල වන විට 2023 වසර තුළ විදෙස් රැකියා සඳහා ලියාපදිංචි වී ඇති සංඛ්‍යාව ලක්ෂ දෙකේ සීමාව ඉක්මවා ගොස් තිබෙන බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.