මොරොක්කෝ ඛේදවාචකයෙන් මියගිය ගණන 600 ඉක්මවයි

උතුරු අප්‍රිකානු රාජ්‍යයක් වන මොරොක්කෝ රාජ්‍යයට බලපෑ ප්‍රබල භු කම්පනයෙන් මේ වනවිට පුද්ගලයින් 632ක් පමණ මියගොස් තිබේ.

මොරොක්කෝ රාජ්‍යයට රික්ටර් මාපකයේ ඒකක 6.8 ක ප්‍රභලත්වයකින් යුතු භු කම්පනයකින් බලපෑම් එල්ල විය.

ඒ එරට වේලාවෙන් රාත්‍රී 11ට පමණය.

එහි අප කේන්ද්‍රය සටහන් වී තිබුණේ මරකේෂ් නගරයට කිලෝමීටර 71ක් නිරත දිගින් පිහිටි හයි ඇට්ලස් කඳු වැටියේ කිලෝමීටර 18.5 ක ගැඹුරකිනි.

ඉන් වැඩි හානියක් සිදුවී ඇත්තේ එරට සිව්වන විශාලතම නගරය වන මරකේෂ් නගරයටය.

එමෙන්ම යුනෙස්කෝ ලෝක උරුම නගරයක් ලෙසද නම් කර ඇති මරකේෂ් හි පැරණි නගරයට ද ඉන් හානි සිදුවී තිබේ.

100 ඉක්මවූ පිරිසක් තුවාල ලබා තිබෙන අතර සුන්බුන් අතර සිරවී සිටින පිරිස මුදවා ගැනීමට කටයුතු කරමින් සිටින බව සඳහන් වෙයි.

භූ කම්පනයේ සුන්බුන්වලින් මාර්ග අවහිරවීම හේතුවෙන් සහන සේවකයින්ට බලපෑමට ලක්වූ ප්‍රදේශවලට ළඟාවීමට අපහසුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම තුවාල ලබා රෝහල් ගතකර ඇති පිරිස වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලීම් කර ඇත.

මෙය 2004 වසරෙන් පසු මොරොක්කෝවට බලපෑ ප්‍රබලතම භු කම්පනය බව සඳහන් වෙයි.

එමෙන්ම මෙය වසර 120කින් පසු උතුරු අප්‍රිකානු කලාපයෙන් වාර්තා වූ ප්‍රබලතම භූ කම්පනය වීමද විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published.