තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකුට තුවාල සිදු කිරීමේ සිද්ධියකට අවශ්‍ය ව සිටි සැකකරුවකු ග්‍රෑන්ඩ්පාස් ස්ටේස්පුර ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්‍ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති බවයි.
සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වල දී උස්වැටකෙයියාව ප්‍රදේශයේ සඟවා තිබූ ටී – 56 වර්ගයේ ගිනිඅවියක් සහ එම වර්ගයේ උණ්ඩ 05ක් සොයාගෙන ඇත.
එමෙන්ම සැකකරු සතු ව තිබී හෙරොයින් ග්‍රෑම් 32කට ආසන්න ප්‍රමාණයක් ද සොයා ගත් බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ, 18 හැවිරිදි මට්ටක්කුලිය, සමිත්පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ව ඇත.