චැනල් 4 පදනම් විරහිත චෝදනා ප්‍රතික්ෂේප කරනවා -ආරක්ෂක අමාත්‍යාංශය-

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය, චැනල් 4 වීඩියෝව හරහා එල්ල කරන ලද අසත්‍ය චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය මෙම කරුණු අවධාරණය කර ඇත.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවේ වාර්තා වැඩසටහනක් හරහා මෙම චෝදනා එල්ල කර තිබිණි.

මේ අතර සත්‍යය, යුක්තිය සහ ජාතියේ යහපැවැත්ම සඳහා රජයේ නොසැලෙන කැපවීම නැවත අවධාරණය කරන බව ද ආරක්ෂක අමාත්‍යාංශය මෙම නිවේදනය හරහා ප්‍රකාශ කරයි.

එසේම, ආරක්ෂක අමාත්‍යාංශය, ඕනෑම පුද්ගලයකුගේ හෝ ආයතනයක අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරන බව ද නිවේදනයේ සඳහන්ය.

කෙසේ නමුත් චැනල් 4 නාලිකාව මඟින් ඉදිරිපත් කරන ලද පදනම් විරහිත, ද්වේශ සහගත සහ දුර්වල ලෙස සනාථ කරන ලද ප්‍රකාශයන්ගෙන් පැන නඟින ඕනෑම අනපේක්ෂිත ක්‍රියාවක් හෝ ප්‍රතිවිපාකයක් සඳහා චැනල් 4 නිසැකවම වගකිව යුතු බව ද ආරක්ෂක අමාත්‍යාංශය තරයේ කියා සිටී.

Leave a Reply

Your email address will not be published.