නීතිපතිගේ අභියාචනයේ තීන්දුව කල් යයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබි තිබිය දී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීමේ චෝදනාවලින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කෙරිණි.

ඒ, කොළඹ මහාධිකරණය දුන් තීන්දුවකට අනුවයි.

එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (08) දින නියමයක් නොමැතිව කල් තැබූ බව වාර්තා වේ.

අදාළ පෙත්සම් ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ අද විභාගයට ගැනිණි.

Leave a Reply

Your email address will not be published.