නීතීඥ සංගමයෙන් කතානායකට පැමිණිල්ලක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අධිකරණයේ පවතින නඩු සහ විනිසුරුවරුන් සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමෙන්  නීතියේ ආධිපත්‍යයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් වන බව නීතීඥ සංගමය කතානායක මහින්ද යාපා අබෙිවර්ධන මහතා හමුවී දැනුම් දුන්නේය.

නීතිඥ සංගමයේ සභාපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඇතුළු සාමාජියෝ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා  පාර්ලිමේන්තුවේදී හමුවී මෙම දැනුම් දීම කළහ.

 දැනට සේවයේ නිරත විනිසුරුවරයන් නම් සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රකාශ නිකුත් කිරීම  දක්නට ලැබුණු බවත් මෙවැනි තත්ත්වයක් ඇති වීම කනගාටුවක් බවත්   නීතිඥ සංගමය කතානායකවරයාට පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කීවෙි  විනිසුරුවරුන්  ඇතුළු අධිකරණයේ ගෞරවය ආරක්ෂා කිරීමට තමා නිරතුරුව පෙනී සිටින බවයි. මේ සම්බන්ධව ඉදිරියේදී  මන්ත්‍රීවරුන්ගේ  අවධානය යොමු කරන බවද කථානායකවරයා පැවසීය.

නීතිඥ සංගමයේ  නියෝජ්‍ය සභාපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස, ලේකම් නීතිඥ ඉසුරු බාලපටබැදි, භාණ්ඩාගාරික නීතිඥ චමත් ජයසේකර, සහකාර ලේකම් නීතිඥ මෙහෙරාන් කරීම් යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published.