ජනපති සහ බැසිල් හමුවක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.

පැයක පමණ කාලයක් දෙපාර්ශවය අතර මෙම සාකච්ඡා පැවති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමකට කැබිනට් අමාත්‍යධුර ලබා දෙන ලෙස සිදුකරන ලද ඉල්ලීමකට ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් සාධනීය ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෑත කාලීනව ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡා පැවතියේ නැත. 

කෙසේ වෙතත් ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ දී ඉදිරි අයවැය සම්බන්ධයෙන් සාකච්ඡාවකට ලක් ව ඇති අතර සහන ලබාදීම පිළිබඳව ද දීර්ඝ වශයෙන් දෙපාර්ශවය අතර සාකච්ඡා කර තිබේ.

එමෙන් ම ඉදිරි දේශපාලනික කටයතු සම්බන්ධයෙන් ද සාකච්ඡා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.