සයිබර් ප්‍රහාරය ගැන සීඅයිඩියෙන් පරීක්ෂණයක්

මෙරට රාජ්‍ය ආයතනවල විද්‍යුත් ලිපින ඉලක්ක කරමින්  කෙරුණු සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් අද (13) ආරම්භ කළේය.

මේ සම්බන්ධයෙන් අප තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන වැඩබලන අමාත්‍ය කනක හේරත් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම සයිබර් ප්‍රහාරයට සම්බන්ධ කණ්ඩායමේ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇති බවයි.

පසුගිය අගෝස්තු මස 26 වැනිදා කෙරුණු මෙම සයිබර් ප්‍රහාරයන් රජයේ ආයතන රැසක
දත්ත අහිමිවී ඇති බව පැවසූ වැඩබලන අමාත්‍යවරයා මාස දෙකක පමණ දත්ත එකතු කිරීමට ඇති බවද සඳහන් කළේය.

එම දත්ත එකතු කරගත හැකි වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.

Leave a Reply

Your email address will not be published.