IMF පළමු සමාලෝචනය ඇරඹේ

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ වන පළමු සමාලෝචනය අද (14) ආරම්භ විය.

සමාලෝචනය සඳහා සහභාගී වීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් දිවයිනට පැමිණ ඇත.

ඒ අනුව අද පෙරවරුවේ ආරම්භ වු සැසිය සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහභාගි වී සිටින බව මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය සඳහන් කළේය.

මෙම සමාලෝචනයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වු විස්තීර්ණ ණය පහසුකමෙහි දෙවන වාරිකය සුරක්ෂිත කිරීම, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳව විශ්වාසය ඉහළ නැංවීම සඳහා ඉතා වැදගත් සන්ධිස්ථානයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඒ අනුව 2024 වසරේ දී අපේක්ෂිත ආර්ථික වර්ධනය සඳහා යහපත් මාවතක් සකසනු ඇති බවද සමාලෝචන සැසිවාරය ආරම්භ වීමට පෙර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published.