ගණේමුල්ලේ සංජීව අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ලේ සංජීව කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ නේපාලයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී ඔහුව මෙලෙස අත්අඩංගුවට ගත් බවය.

මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත්තේ සැකකරු ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් නේපාලයේ කත්මණ්ඩු සිට කටුනායක දක්වා පැමිණ ඇති බවටය.

එම ගමන් බලපත්‍රයේ ‘සේනාධීරගේ කරුණාරත්න’ යන නම සටහන්ව තිබී ඇත.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපොළේ ආගමන විගමන නිලධාරීන් විසින් දිගින් දිගටම සිදුකරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ තමන් ගණේමුල්ලේ සංජීව බව පවසා ඇති බව හෙළිවී තිබේ.

සැකකරු මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළේ ආගමන විගමන නිලධාරීන් භාරයේ රඳවාගෙන සිටී.

අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරියේදී විශේෂ පොලිස් කණ්ඩායමක් වෙත භාරදීමට නියමිත බව ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published.