නවගමුව පිං කැටවලට මුද්‍රා තබයි

නවගමුව පත්තිනි දේවාලයේ සහ නවගමුව ශ්‍රී සුගතබිම්බාරාම පුරාණ විහාරයේ සියලුම පිං කැටවලට මුද්‍රා තබා තිබේ.

ලද පැමිණිල්ලකට අනුව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙලෙස එම පිං කැටවලට මුද්‍රා තබා ඇත.

නවගමුව පත්තිනි දේවාලයේ දායක සභාවේ සම උප සභාපති චන්ද්‍රසේන පලිහේන මහතා පවසන්නේ විගණකාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙලෙස මුද්‍රා තැබු බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා තහවුරු කළ බවය.

Leave a Reply

Your email address will not be published.