ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට

පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ කළු ගඟේ අතු ගංගාවන් වන මගුරු ගඟේ සහ කුඩා ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා අපදා කළමනාකරණ අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, එම ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් පවතින බවයි.

ඒ අනුව ගංගාවල ජල මට්ටම අවධානයෙන් පසු විය යුතු මට්ටමක පවතින බව ද එම ඒකකය වැඩිදුරටත් නිවේදනය කර ඇත.

මේ අතර, එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, නිල්වලා ගඟේ ජල මට්ටම ද ඉහළ යමින් පවතින බවයි.

නිල්වලා ගඟේ ජල මට්ටම පානදුගම ප්‍රදේශයෙන් සහ තලගහගොඩ ප්‍රදේශයෙන් මෙලෙස ඉහළ යමින් පවතී.

එහි ජල මට්ටම ද මේ වනවිට අවධානයෙන් පසු විය යුතු මට්ටමක පවතින බව ද එම ඒකකය වැඩිදුරටත් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published.