වෛද්‍යවරයෙකුට පහරදීමක්

වත්තේගම රෝහලේදී වෛද්‍යවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ නියමිත වේලාවෙන් බැහැරව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු බැලීමට අවස්ථාව ලබානොදීම හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බවය.

ඊයේ (21) රාත්‍රී 9ට පමණ පුද්ගලයින් සිව්දෙනෙකු අදාළ රෝගියා බැලීම සඳහා වත්තේගම රෝහලට පැමිණ ඇති අතර එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි වෛද්‍යවරයා ඊට අවසර ලබානොදීම හේතුවෙන් දෙපාර්ශ්වය අතර බහින්බස්වීමක් සිදුවී ඇත.

එහිදී අදාළ පුද්ගලයින් විසින් වෛද්‍යවරයාට පහරදී ඇති බව පොලීසිය පැවසීය.

පහරකෑමට ලක්වූ වෛද්‍යවරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට මාරුකර යවා තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා වත්තේගම, ඉහළ යටවර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.