වැව් සොරොව්ව අසල දියනාමින් සිටි දරුවෙක් මරුට

ඇඹිලිපිටිය, චන්ද්‍රිකා වැවේ සොරොව්ව අසල දියනාමින් සිටි දරුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබේ.

එම දරුවා සිය මව සහ තවත් දෙදෙනෙකු සමග එම ස්ථානයේ දියනාමින් සිටියදී දියේ ගිලී තිබුණි.

එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් දරුවාව ගොඩට ගෙන ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළුකර ඇති අතර නමුත් ඔහු එහිදී ජීවිතක්ෂයට පත්වී තිබුණි.

එම දරුවා කණාමැදිආර, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් බව පොලීසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published.