සීදූවේ පුද්ගල මළ සිරුරක්

සීදූව අම්බලම්මුල්ල ප්‍රදේශයේ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 62 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.

මියගොස් ඇති පුද්ගලයා රැකියාවක් සොයා මීට දින කිහිපයකට පෙර එම ප්‍රදේශයට හඟුරන්කෙත ප්‍රදේශයේ සිට පැමිණ ඇති බවද හෙළිවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සීදූව පොලීසිය මේ වනවිට වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published.