කාන්තාවක්ව පැහැරගනී

කාන්තාවක්ව පැහැරගෙන ගොස් කප්පම් මුදලක් ලබාගැනීමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙනෙකු මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුනේගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී එක් අයෙකු සතුව තිබී මිලිමීටර් 9 ප්‍රමාණයේ ගිනිඅවියක්ද පොලිස් භාරයට ගෙන ඇත.

කටුනේරිය – ලංසිගම පදිංචි කාන්තාවක්ව ඉකුත් 24 වෙනිදා කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන ගොස් තිබුණි.

තමන්ගේ බිරිඳව කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන ගොස් ඇති බවත්, ඇයව මුදාහැරීමට මුදල් ඉල්ලා සිටින බවත් අදාළ කාන්තාවගේ ස්වාමි පුරුෂයා විසින් මාරවිල පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇත.

එම පැමිණිල්ල මත ක්‍රියාත්මක වී ඇති මාරවිල පොලීසියේ නිලධාරීන් කොච්චිකඩේ – දළුවාකොටුව ප්‍රදේශයේ නිවසක රඳවා ගෙන සිටි කාන්තාව මුදාගෙන තිබේ.

කාන්තාව පැහැරගෙන යාමට සම්බන්ධ බව කියන සැකකාරියන් දෙදෙනෙකුවද පොලීසිය විසින් එම අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා ඊයේ (25) මාරවිල මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇත.

Leave a Reply

Your email address will not be published.