මාතර සියලු පාසල් හෙට අනිද්දා වසා තැබෙයි

මාතර  දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (05) සහ අනිද්දා (06) වසා තැබීමට තීරණය කළ බව මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඔමිනි මුදලිගේ මහතා පැවසීය.

අධිකවර්ෂාවත් සමග පහත් බිම් සහ මාර්ග රැසක් ජලයෙන් යටවීම  නිසා මෙම තීරණය කර ඇත.

මාතර හා අකුරැස්ස කලාපයේ බොහෝ පාසල්වල දරුවන් හා අධ්‍යාපන අනධ්‍යයන කාර්ය මණ්ඩලය ගංවතුර තත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බව අනාවරණය විය.

ඒ අනුව පාසල් වසා දැමීමට තීරණය වු අතර ලබන සදුදා යළි පාසල් ආරම්භ කිරීමේ තත්වය පිලිබඳව ලබන සෙනසුරාදා රැස්වෙන දිස්ත්‍රික් ආපදා කලමණාකරණ කමිටුව රැස්වීමේ දී වැඩි දුරටත් සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා දකුණු පලාත් ආණ්ඩුකාර විලී ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (04) පැවැත්වු දිස්ත්‍රික් ආපදා කලමණාකරණ කමිටුව රැස්වීමේ දී එම තීරණය ගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published.