ලාෆ්ස් ගෑස් මිලත් ඉහළට

ලාෆ්ස් ගෑස් සමාගමද අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ලාෆ්ස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 3985කි.

ලාෆ්ස් කිලෝග්‍රෑම් 5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1595කි.

එසේම කිලෝග්‍රෑම් 2 ගෑස් සිලින්ඩරයක මිල ලාෆ්ස් සමාගම රුපියල් 24කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 638කි.

Leave a Reply

Your email address will not be published.