ගණේමුල්ල සංජීව STF භාරයට පත්කිරීම වළක්වලමින් රිට් පෙත්සමක්

මේ වන විට පොලිසිය භාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන සංජීව සමරරත්න හෙවත් ‘ගණේමුල්ල සංජීව’ නමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් යටතට පත්කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ඔහුගේ මව විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

අධිකරණ වාර්තාකරු සඳහන් කළේ, ගණේමුල්ල සංජීවගේ මව වන එලන්නෝනා මැන්ඩිස් නැමැත්තිය විසින් එම පෙත්සම ඉදිරිපත් කළ බවය.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, ත්‍රස්තවාදී විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පෙත්සම්කාරිය කියා සිටින්නේ, තම පුත්‍රයා මේ වන විට වීරගුල පොලීසිය භාරයේ රඳවාගෙන සිටින බවය.

විමර්ශන කටයුතු සඳහා තම පුත්‍රයා වගඋත්තරකාර නිලධාරීන් යටතට මාරු කිරීම මඟින් ඔහුගේ ජීවිතයට අනතුරක් සිදුවිය හැකි බව ඇය පෙන්ත්සම මඟින් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published.