ගණේමුල්ල සංජීවගේ ප්‍රකාශයක් මත ගිනිඅවි දෙකක් සොයාගනී

රැඳවුම් නියෝග මත රදවා සිටින සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව යන අය ලබාදුන් ප්‍රකාශ මත පිස්තෝල ගිනිඅවි දෙකක් සොයාගෙන තිබේ.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාශය මඟින් දින 90ක රැඳවුම් නියෝග මත රඳවා සිටින සැකකරුවෙකු වන ගණේමුල්ල සංජීව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී එම ගිනිඅවි සොයාගෙන ඇති බව සඳහන්ය.

මුල්ලේරියාව කුමාර මාවත ප්‍රදේශයේ කැලෑ කොටසක සඟවා තිබිය දී එම පිස්තෝල සොයාගෙන තිබේ.

පසුගිය වසරේ ජුනි 26 වන දින පෑලියගොඩ දුම්රියපොළ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමටත් මේ වසරේ ජනවාරි 17 වන දින පෑලියගොඩ කළු පාලම අසලදී තවත් අයෙකු වෙඩි තබා ඝාතනය කිරීමටත් අදාළව මෙම ගිනිඅවි යොදාගෙන ඇති බවට අනාවරණය වී ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.