ශුබ්මන් ගිල් අසනීපයෙන්

ඉන්දීය සුපිරි ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල්ට, ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත පළමු තරගය මඟ හැරෙන බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ශුබ්මන් ගිල්ට ඩෙංගු වැළඳීම හේතුවෙන් මෙසේ ඔහුට පළමු තරගය අහිමි වනු ඇත.

ඒ අනුව ඉශාන් කිෂන් හෝ කේ.එල්. රාහුල්, නායක රෝහිත ශර්මා සමඟ ආරම්භක පිතිකරුවන් ලෙස ක්‍රීඩා කරනු ඇති බව වාර්තා වේ.

ඉන්දි‍යාව හා ඔස්ට්‍රේලියාව අතර තරගය ඔක්තෝම්බර් 08 වැනිදා චෙන්නායිහි දී පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published.