ප්‍රශ්නගත සමාගමක ඖෂධ ඇණවුම් සියල්ල අවලංගු කෙරේ

මෙරටට ඖෂධ සැපයීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතින අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා සමාගම වෙත ලබාදී ඇති සියලු ඇණවුම් වහාම අත්හිටුවීමට සහ අවලංගු කිරීමට කටයුතු කරන ලෙස දැනුම්දී තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් එම නියෝග නිකුත් කර ඇත. 

එසේම මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණ අවසන් කරන තෙක් මෙම සමාගම වෙත ගෙවීමට ඇති සියලු ගෙවීම් වහා ක්‍රියාත්මක වනපරිදි නතර කරන ලෙස ද අමත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

මේ අතර හෘද රෝගීන්ගේ හෘදයේ ක්‍රියාකාරීත්වය මැන බලන ECG පරීක්ෂණ මාවනැල්ල රෝහලේදී නුපුහුණු කණිෂ්ඨ කාර්යමණ්ඩලය මගින් සිදුකරන බවට ශ්‍රී ලංකා ජන සුව සෞඛ්‍ය සේවක මණ්ඩලය චෝදනා කරයි.

Leave a Reply

Your email address will not be published.