ATM කොල්ලකරුවන් අල්ලයි

මදුරන්කුලිය, 10 කණුව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික බැංකුවකට අයත් ATM යන්ත්‍රයකින් මුදල් සොරකම් කිරීමට අදාළව සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.‍

පොලීසිය සඳහන් කළේ පසුගිය ඔක්තෝබර් මස 8 වන දින එම සැකකරුවන් විසින්ATM යන්ත්‍රයකින් රු 10,549,000ක මුදලක් සොරකම් කර තිබූ බවය.

ඒ අනුව මදුරන්කුලිය පොලීසිය හා පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව ඊයේ (17) උදෑසන අනුරාධපුර පොලිස් වසමේ දී පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන්ගේ ප්‍රකාශ මත ඔවුන් සන්තකයේ තිබී සොරකම් කරන ලද රු 9,277,000ක මුදලක් සොයාගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ‍, අවුරුදු 28, 32 හා 35 යන වයස්වල පසුවන ගල්ගමුව, වැරැල්ලගම හා අනුරාධපුර ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

Leave a Reply

Your email address will not be published.