බැංකු පොලිය ගැන රජයේ ස්ථාවරය කියයි

මේ දක්වා බැංකු පොලී අනුපාත අඩු නොකළ වාණිජ්‍ය බැංකු සම්බන්ධයෙන් මහබැංකුවේ දැඩි අවධානය යොමු කරවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පසුගියදා මහ බැංකුව විසින් බැංකු පොලී අනුපාතික අඩු කරමින් නිකුත් කළ චක්‍රලේඛයට අනුව තවමත් බැංකු පොලී අනුපාත අඩු නොකළ වාණිජ්‍ය බැංකු හා මූල්‍ය ආයතන කෙරෙහි මහ බංකුවේ දැඩි අවධානය යොමු කරවන බවය.

රාජ්‍ය අමාත්‍යවරය වැඩිදුරටත් සඳහන් කලේ මහ බැංකුව මෙම බැංකු පොලී අනුපාතික අඩු කරනු ලැබුවේ ජනතාව පත්ව සිටින දැඩි පීඩාකාරී තත්ත්වය පිලිබඳ සලකා බලා බැවින්, සියළුම රාජ්‍ය හා පෞද්ගලික වාණිජ්‍ය බැංකු මෙන්ම මූල්‍ය ආයතන ආදියද එම චක්‍රලේඛයට අනුගතව වියයුතුයි යන්න රජයේ ස්ථාවරය බවය.

එබැවින් ක්ෂණිකවම එම බැංකු පොලී අනුපාත අඩුකිරීමට දැඩි හා සෘජු සොයාබැලීමක් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.