කොට්කාවත්ත සණස බැංකු කොල්ලකරු අල්ලයි

කොටිකාවත්ත සණස බැංකුවෙන් රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට ආසන්න රන් ආභරණ සොරා ගැනීම ඇතුළු අපරාධ 5කට සම්බන්ධ අපරාධකරුවකු වන ” නාවල කුංජි” නැමැත්තා ඇතුළු පුද්ගලයන් සිවුදෙනකු  අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි

නාවල කුන්ජි නැමැත්තාට එරෙහිව 2021 වර්ෂයේ සිට මේ දක්වා දරුණු ගණයේ අපරාධ නඩු 13 ක් අධිකරණයේ විභාග වන බව පොලිසිය කියයි

අත්අඩංගුවට ගත්   සැකකරුවන් අතර  කුන්ජි නමැත්තාගෙන් අනියම් බිරිඳ ද වන බවත් ඇය සහ සෙසු සැකකරුවන් සොරබඩු බැහැර කිරීම යටතේ අත්අඩංගුවට ගත්  අය බව පොලිසිය කියයි

එම    සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ග්‍රෑම් 463 ක් බර රන්මාල වළලු මුදු කරාබු  , රුපියල් හැත්තෑ පන්දහසක් වටිනා අත් ඔරලෝසුවක්  , ජල ප්‍රමාණය පිත්තල පහනක් රූපවාහිනී යන්ත්‍රයක් රයිස් කුකරයක් වන බව පොලිසිය කියයි

Leave a Reply

Your email address will not be published.