බිරිඳව ඝාතනය කර ගේ පිටුපස වළ දාලා

මුලතිව්, නිරාවිපිට්ටි නැගෙනහිර ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් ඝාතනය කොට වළ දමා තිබියදී සොයා ගැනීමට හැකිවූ බව මුලතිව් මුල්ලියාවේලි පොලීසිය පවසයි.

පොලීසිය පැවසූවේ මුලතිව්, නිරාවිපිට්ටි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි සිය බිරිඳ ඝාතනය කොට වළ දමා පළාගොස් සිටි මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ පාපොච්චාරණයක් මත මළ සිරුර වළ දමා තිබු ස්ථානයෙන් ගොඩගත් බවය.

මියගිය කාන්තාව පසුගිය 21 වැනිදා සිය මවට දුරකථනයෙන් කථා කොට ඇති අතර, දියණියගෙන් දින ගණනාවක් කිසිදු තොරතුරක් නොමැති බැවින් මියගිය කාන්තාවගේ මව 23 වැනිදා දියණිය රැඳී සිටි නිවසට ගොස් පරීක්ෂා කොට තිබේ.

එහිදි දියණිය කුලි පදනම මත රැඳී සිටි නිවසේ කිසිවෙකුත් නොසිට ඇති අතර, දියණියගේ දුරකථනයෙන්ද කිසිදු ප්‍රතිචාරයක් නොමැති බැවින් මියගිය කාන්තාවගේ මව නිවස වටා පරීක්ෂා කොට ඇත.

පසුව මව විසින් සිය දියණියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් මුල්ලියාවෙලි පොලීසිය වෙත පැමිණිලි කර තිබේ.

Leave a Reply

Your email address will not be published.