අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

රු – විදුහල්පති විරෝධතාවය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

විරෝධතාවය අතර තුර ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ගුරු – විදුහල්පති හා සෙසු අධ්‍යාපන ක්ෂේත්‍රවල විෂමතා හා ගැටලු විසඳීමට කටයුතු කරමින් සිටින අවස්ථාවක දී හා අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන සමුළුවක් සඳහා විදේශගත ව සිටිය දී සිදු වූ මෙම සිද්ධියෙන් අගතියට පත් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සිය කනගාටුව පළ කළ බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

Leave a Reply

Your email address will not be published.