ගාසා දෙකට කඩයි

ඊශ්‍රායල හමුදා ගාසා තීරය තුළ සිය මෙහෙයුම් වැඩිකර ඇති බව වාර්තා වෙයි.

මේ වනවිට ඊශ්‍රායල හමුදාව ගාසා සිටි හි දකුණු වෙරළ තීරය දක්වා සිය මෙහෙයුම් ව්‍යාප්ත කර ඇති අතර ඊශ්‍රායල හමුදා බලධාරීන් පවසන්නේ ගාසා තීරය උතුර සහ දකුණ ලෙස වෙන්කර ඇති බවයි.

සටන් දරුණු වන අවස්ථාවක අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් තුර්කියේ සංචාරයක් ආරම්භ කළේය.

මානුෂීය සටන් විරාමයක් සඳහා හමාස් සහ ඊශ්‍රායලය එකඟ කරවා ගැනීම ඔහුගේ අරමුණ වෙයි.

නමුත් ඊශ්‍රායල හමුදාව පවසන්නේ මේ අවස්ථාවේ ඔවුන් සටන් නැවතුමක් සඳහා එකඟ නොවන බවයි.

Leave a Reply

Your email address will not be published.