ඉන්දියාවේ වායු දූෂණය තවත් ඉහළට

දීපාවලි සැමරුමත් සමඟ ඉන්දියාවේ වායු දුෂණය තව තවත් ඉහළ ගොස් තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඊයේ (12) රාත්‍රියේ දීපාවලි සැමරීම සඳහා රතිඤ්ඤා පුපුරවා හැරීම සහ ගිනිකෙළි පැවැත්වීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති බවය.

පසුගිය සති කිහිපය පුරා ඉන්දියාවේ දිල්ලි අගනුවර පවතින වායු දුෂණ හේතුවෙන් එහි ජනතාව දැඩි අපහසුතාවයට මුහුණදෙමින් සිටී.

දිල්ලියේ මාර්ග දූවිලි අංශ සහිත ඝන දුමාරයකින් වැසි ගොස් ඇති බවත් එම මාර්ගවල ගමන් ගන්නා විට මීටර් කිහිපයක් ඉදිරිය නොපෙනෙන බවත් වාර්තා වේ.

දිල්ලි නගරයේ වායු තත්ත්ව දර්ශකය ඉතා දරුණු වී ඇති බවත් එහි ජනතාවට හුස්ම ගැනීමට පවා අපහසු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර ඇත. 

පසුගිය ඔක්තෝබර් මස අවසන් සතියේ සිට දිල්ලි නගරයේ පරිසර දුෂණයට අදාළ දර්ශකයන් හි අයහපත් අගයන් පෙන්නුම් කර තිබු බවත්ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නියම කර ඇති සීමාව මෙන් 20 ගුණයකින් දිල්ලි නුවර වායූ දූෂණය ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව නගරයේ පාසල්වල ප්‍රාථමික පන්ති වසා දැමීමටත් නගරයට ට්‍රක් රථ ඇතුළුවීම සීමා කිරීමට කටයුතු කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published.