යතුරුපැදියක් දොඹකරයක ගැටෙයි – පුද්ගලයෙක් මරුට

ග්‍රෑන්ඩ්පාස්  වේල්ස්කුමාර මාවත ප්‍රදේශයේදී යතුරුපැදියක් දොඹකරයක ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ ප්‍රදේශයේ සංවර්ධන කටයුත්තකට යොදා තිබූ දොඹකරයක පටවා තිබූ යකඩ බාල්ක කොටසක් රථයෙන් පිටතට යොදා තිබීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවය.

අනතුර සිදුවන අවස්ථාවේදී අඹුසැමි යුවලක් යතුරුපැදියේ ගමන් කර ඇති අතර අනතුරින් බරපතළ තුවාල ලබා ඔවුන්ව රෝහල් ගත කිරීමෙන් පසු පැදිකරු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ එඩේරමුල්ල ප්‍රදේශයේ පදිංචි 56 හැවිදිරි පුද්ගලයෙකි.

අනතුරට අදාළව දොඹකරයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මඟින් විමර්ශන ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published.