පියා සහ පුත්‍රයා ගේ පෞද්ගලික ආරවුල නැවතුණ තැන

අද (15) අලුයම බේරුවල පොලිස් ස්ථානය අසල ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ දී එකම පවුලේ පියා සහ පුතා ඔවුන් අතර පවතින පෞද්ගලික විරසකයක් හේතුවෙන් කුඩා ප්‍රමාණයේ වෑන් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක හප්පා ගැනීමේ සිද්ධියක් වාර්තා වේ.

ව්‍යාපාරිකයකු වන එම පියා, ඔහුට අයිති බේරුවල ධීවර වරායේ ඇති ධීවර යාත්‍රාවක් අද අලුයම් කාලයේ සොයා බැලීමක් සඳහා බේරුවල ධීවර වරායට යන අතරතුර, බේරුවල දෙස සිට පැමිණි ඔහු ගේ පුත්‍රයා බේරුවල පොලිස් ස්ථානය අසල දී ඉදිරියෙන් පැමිණෙන මෝටර් රථය ඔහු ගේ පියා ගේ බව හඳුනාගෙන ඇත.

පසු ව ඔහු පැදවූ කුඩා ප්‍රමාණයේ වෑන් රථය,  කාර් රථයේ හප්පා හානි සිදු කර තිබේ.

පුත්‍රයා පැමිණි වෑන් රථයට ද හානි සිදු ව ඇති නමුත් අනතුරෙන් පුද්ගල හානි කිසිවක් වාර්තා වී නොමැත.

සිද්ධියට මුහුණ දුන් මෝටර් රථය සහ වැන් රථය මේ වන විට බේරුවල පොලීසිය භාරයේ පවතින අතර,සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published.