පුද්ගලයන් රවටා මුදල් ගැරූ දෙදෙනෙක් අත්අඩංගුවට

පුද්ගලයන් රවටා වංචනික ලෙස බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කරවා ගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ලද තොරතුරකට අනුව ගිරාදුරුකොට්ට, මිලැත්තෑව සහ සුවශක්තිපුර ප්‍රදේශවල දී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය. 

අත්අඩංගුවට ගෙන ඇත්තේ, 25 හා 37 හැවිරිදි ගිරාදුරුකොට්ට ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

සැකකරුවන් පිළිබඳ සිදු කළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ, මොවුන් ගුරුවරුන් ලෙස පෙනී සිටිමින් ගම්පහ, ජාඇල, කඳාන, පමුණුගම, වීරගුල, පූගොඩ හා පේරාදෙණිය යන ප්‍රදේශවල මෙම වංචනික ක්‍රියා සිදු කර ඇති බවයි. 

Leave a Reply

Your email address will not be published.